Thursday, November 21, 2013

ඉපිද මියේනම්..........

ඉපිද මියැදේනම්,
එක ලෙසම එකම මිහිමත,
සිටිනා නිමේශයකට,
කුමට මේ කෙනෙහිලිකම්ද එකිනෙක ........

කා කොටාගෙන එකට,
කවුරුවත් නොදන්නා,
කාට්වත් නොපෙනෙනා සීමාවකට.......
කුමන අරගලද
මියෙනකම් අදරේ බෙදනු මිස එකිනෙක

Saturday, November 2, 2013

හෙට ............. the tomorrow


හෙටත් ඉරක් පායවි,
තවත් අදුරක් ,
මුදා හැර ඈතකට.........

හිරු කිරන ඇවිදින්,
හිනහෙද්දි මිහිමතට,
මල් කැකුලු  දගලාවි,
පිපෙන්නට ,
බැස යන්න කලියෙන්,
දැකගන්න ඒ හිරුව ..........

හිරුගේම උනුහුමට,
දවාලට දාහයට  ,
පිපුනු   ඒ  පෙති,
වියලිලා හැකිලේවි

ආයිමත් කලුවර රැගෙන,
ඈත සද  එබෙද්දිම ,
වියෙලි පෙති බිම හැ‍ලී ,
දුකට ඉකිගසාවි......
ජිවිතය වගේමයි,
මොනවාද ස්තීර,
සියල්ල අස්තිර වනු මිසක........
                                                           -චනී-

Friday, November 1, 2013

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .The butterfly symphony

කාලය නොදැනීම ගතවෙලා. හරියටම වසරකට පසුව ආපහු මගේ බ්ලොග් පිටුවේ ඉතුරු ටික ලියන්න මට හිතුනා.නීරස පාඩම් පොත් කුරුටු ගානව වගේ නෙමේ. හිතට එන එන දේ මෙහෙම ලියන එක කොච්චර හිතට සහනයක්ද...ඉතින් ආයිමත් මගේ පිටුවට ඇවිත්  කුරුටු ගාන්න පටන්ගත්තා..
මගේ හිතේ තදින්ම සටහන් වුනු, ඒ වගේම අපිව එය තුල මොහොතක් ජීවත් කිරීමට සමත් වුනු චිත්‍රපටියක් ගැන ටිකක් ලියන්න මට හිතුනා.
මේ දවස්වල කාගෙත් හිතේ කියවෙන මේ  සින්දුව ඔබ දැනටමත් අහල ඇති.
                                 " මට මගේ නොවන මගෙම අදරයක් තිබුනා"
     
හෙමොගෙම වගේම මගෙ හිතත් ඒ සින්දුව මිමිනුව.ඒ නිසාම දහසක් වැඩ මැද්දේ කොහොඉමහරි වෙලාවක් දාගෙන  එය  බලන්න ගියා. ඒත් චිත්‍රපටිය බැලුවට පස්සෙ ඒ සින්දුවේ තේරුම අපි හිතුවටටත් වඩා එහාට ගිය තෙරුමක් ඇති බව මට වැටහුනා. අපි කවුරුත් හිතුවේ බිදී ගිය ප්‍රේමයක් ගැන ඒ සින්දුව ලියවෙන්නට ඇති කියලා.නමුත් ඉන් එහාට ගිය ලස්සන ප්‍රබල කතාවක් එහි ගැබ් වෙලා තිබුනා.
චිතපටිය ආරම්බ උනේ වර්තමනයෙ ජවනිකවකින්. ඉතින් ඔහු( වාදීශ ) මේ ගීය ගයමින් අපිව ඒ අතිත කතාවට රැගෙන ගියා.
ඔහු පාසැල් යන අවදියේ අහම්බෙන් ඔහුට ලිපියක් කියවන්න ලැබෙනවා. මුලු චිත්‍රපටය පුරාවටම විහිද ගිය කතාවේ හටගැන්ම එයයි.එය අදර ලිපියක්.නමුත් එය ඔහුට කිසිවකු විසින් ලියන ලද ලිපියක් නොවේ. පුන්යා නැමැති තරැනියක් , රේවත නැමති තරැනයෙක්ගේ ආදරය පිලිගත් බව සදහන් කෙරුනු ලිපියක් ඒ.ඇය වාදිශට වඩා වයසින් වැඩි  පැසුනු තරැනියක්.නමුත් ලිපිය කිය වු පසුත් , ඇය දැකගත් පසුත් ඔහු තුල අපුර්ව හැගිමක් පුන්යා කෙරේ ඇතිවෙනවා.ඇය සහ ඇගේ වචන සැබවින්ම සිත්ගන්නා සුලුයි. ඔහු ඇයට වශී වෙනවා.ඔහුට ඇය සැබවින්ම පුදුමයක්.ඔහු වසර දෙකක්ම ඇයව හමුවෙන්න මර්තු 7 වෙනිදට  කුමාරි උයනටයනවා.නමුත් ඔහුට ඇයට කතා කිරිමට හැකි වෙන්නෙ නැ.
ඇයත් , ඇගෙ ලිපියත් දැකගත් පසු ඔහු ජිවත් වන්නේ ඒ ලොකය තුලයි. ඔහු ඔහුට ආදරය කරන අය දකින්නෙ නැ.ඔහුගෙ දකින්නේ ඇය පමනයි. ඒ වගේම ඇයගේ ලිපිය ආපසු ඇයට බාරනොදීම පිලිබද තමන් ගැනම කලකිරීමකින් ඔහු පසුවෙනවා. මේ තුලින් හටගන්නා මානසික පීඩනය ඔහු තුලින් හොද ස්වරයන් , වචන බිහි කරනවා. ඔහුගේ හැගිම , පීඩනය , දුක රැදුනු ඒ නිර්මන හරිම ප්‍රබල මාධ්යක් වෙනවා..
ඔහුගේ මුල්ම නිර්මනය තුලින්ම ඔහු අමන්ත්‍රනය කරන්නේ පුන්යාවයි.
ඔහු දන්නව මේ අදරය හුදෙක් මානසක පිඩනයක් පමනක්වන යතාර්තයක් නොමැති දෙයක් බව.කාටවත් කීමට නොහැකි, කීවත් කිසිවකු කනකට නොගන්නා එහෙත් දයාබර ආදරයක් බව..මට ඒ දුක හොදටම දැනුනා.වසර ගනනක ඉදන් කාටවත් කියා ගන්නට බැරි දුකකින් මම පීඩිත වෙලයි සිටියේ..නමුත් එයට සමාජය දකින හැටියට  කැ ගසා හැඩිමට තරම් දෙයකුත් නෙමේ..මට වාදිශගේ හැගිම් හොදින් දෙනුනා.මට හැගුනු ලෙස ඔහුගෙ වචන මෙලෙස කීවෙ එයයි.

දයාවක් වගේ දැනෙනා හැගීමක් තියේනම්,
ඉකිගසා හඩනු බැරි දොම්නසක් පිරේනම්.............//
මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේනම්
රැගෙන යන්න එවා..
දොසක් ආයේ නොතබනා,
අන්ද අහසේ සේ ..අන්ද අහස සේ


ඔහු කැ ගසා ආමන්ත්‍රනය කරන්නෙ පුන්යාවයි.ඇයගේ ලිපිය ලැබිමට පෙර ඔහුට තිබුනු ජීවිතය ඔහුට යලි දෙන ලෙසයි. ඒ දුක මට හොදින් දෙනුනා.චිත්‍රපටිය උවමනාවටත් වඩා මට සන්වේදී උනේ ඒ නිසා වෙන්න ඇතී.
ඔහු ඒ දුක සිතේ හිරකරගෙන ගී ගයමින් වේදනව ඉගෙනගන්නවා. ඔහුට ආය්මත් වෙන කෙනෙක්ට ආදරය කරන්න හිතහදගන්න බැරි වෙනවා.ඔහු ජීවත් වන්නේ ඇගෙ ලෝකයෙයි.
මට දෙනුනු හෙටියට එය සිනමා කාව්වයයක්.කාලය ගත වෙනවා නොදැනෙන තරමට සන්වේදියි එය .

ඒ අතර ඔබට හිතෙන්න පුලුවන් වාදීශගෙ මුලු ජීවිතයටම බලපැ හැකි තරමට ඒ ලිපිය ප්‍රමානවත් නැ කියලා.ඔවුන්ට උනුන් නොදැක ආදරය කල හැකිද යන්න යම් කෙනෙකුට සිතෙන්නට පුලුවන්.නැත.එය උනුන් නොදැක නොදැන වුව ආදරයේ සුලග වැදීමෙන් හද පාරගත් මිනිසුන්ගේ කතාවයි.
මම දන්නව ජීවිතයෙ එදිනෙදා හමුවන ,වසර ගනනක් දන්නා කෙනෙකුටත් වඩා ඇත දුරක සිටින කෙනෙකුට් ආදරය සිතිය හැකිය්.ඒ ආදරය  මුලු ජීවිතයම වෙන්නත් පුලුවන්. මම එය හොදින්ම දන්නවා. මගේම නොවෙන ලෝකයක , මට අයිති නැති සමාජයක ,  මගෙ නොවන එහෙත් මගේම  මගේ ආදරයට කාලයක්  සිට අඩන මට මුලු චිත්‍රපටියම වුවමනාවටත් වඩා හොදින් දැනුනා. ඒ නිසාම මේ සින්දුවත් පුදුම විදිහට හිතට කා වැදුනා.

ඉකි ගසා හඩන අතීතයක,
කදුලු එක්ක ගනුදෙනු කරනා,
මට මගේ නොවන.. මගේම අදරයක් තිබුනා

හීනෙන් හිනැහී තුන්යම මා රවටා,
මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහරි කලුවරේම යලිසොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උනු කදුලුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා.....................
                             
                                                                                                       -චනී -

Tuesday, May 22, 2012

ලද දෙය්න් සතුටු වීම..


උදෙ පාන්දරම අැහරුනු නිස blog 1ක් ලියන්න හිතුනා ගොඩක් කාලෙකින්.
ලියන එක නවත්තල ටික කාලයක් හිටිය නිස හිතට එකපාරම නුහුරු ගතියක් දෙනුනා.ලියන්න පටන්ගත්තත් කම්මෙලිකමක් දැනෙනවා.පහුගිය කාලයේදිත් එදිනෙදා ජීවිතයෙදි රසවත් විශේශ දෙවල් හමූවුනා.එත් ඒව කාලයත් එක්ක අමතකවෙලා ගිහින්.මෙහෙම දෙයක් ලියන එක කොච්චර හොදද කියල හිතෙන්නේ ඒ වගෙ වෙලාවට තමය්.


මම ඊයෙ faculty යද්දි දැකපු සිදුවිමක් මතක් වෙනවා..අනුරාදපුර  hatton national bank එකට එහා පෙත්තේ ලොකු කුනු කානුවක් ගලාගෙන යනවා.ගලායන කුනුවල සාරයට මම දෙන්නේ නැ ඒ වටේටම හරිම සාරවත් පදුරු ගොඩය්.ඒ පදුරු මැද උඩින් විතරක් ආව‍රනය කරපු පොඩි පැලක් මම දෙක්කා.ඒ පැ‍ෙල් අතුලේ පොඩි පවුලය් හිටිය.අම්මය් , තත්තය් , තව පැටව‍‍‍ි දෙන්නෙකුය් .මම දැකපු විශේශම දේ තමය් ලොකුම ලොකු පරෙවි කූඩුවක් ‍ඒ වහල යටම පැත්තකින් තිබුනා.ඒ වගෙම එක දුවෙක්ගෙ ඇගෙ අතීල්ලි අතිල්ලෙ ලොකූ බලල්තඩියෙකුත්.

මට තේරුම් ගන්න බැ මිනිස්සු ගැන..ඒ මිනිස්සු ගැන හිතද්දි මට යටිහිතෙන් හිනත් යනවා.තමන්ට හරියකට ඉන්න වහලයක් නැති එ මිනිස්සු තවත් හිසට වහලක් නැති අයත් ඒ පැල යට තියාගෙන.ඒ හෙමොටම අරක්ශාව රැකවරනයක් දෙනවා.සාගරයක් වගෙ ලොකු ගෙවල් දොරවල් තියා‍ෙගන තට්ට් තනියම ජීවත්වන මිනිස්සු අපි අතර කොච්චර ඉන්නවද..එහෙම නෙත්නම් තමන්ට කිසිම උවමනාවක් නෙතුව තියගෙන ඉන්න කාමර අශ්ප ගනනට කුලියට දෙන මිනිස්සු මට ඔන තරම් හම්බෙලා අති..මේ දුප්පත් මිනිස්සුන්ට නොතේරුනට ඒ මිනිස්සු හරි උතුම් කියලා ටිකක් කල්පනා කරද්දි මට එ්ක වැටහුනා.

අනික් පැත්තෙන් බලද්දි, අපි කාටවත් උදවු කරන්න අපිට 100%ක්ම හරියන්කම් ඉන්නවා..අපිට කවදවත් 100%ක් සාර්තක මිනිහෙක් වෙන්න බැහැ.ඉස්සර මට මතකයි මන් පුන්චිකාලෙ අපිට TV එකක් තිබුනෙ  නැ.ඒ කාලෙ කවුරුත් ඒ ගැන කියද්දිත් මට හිතුනේ එයාලා හරිම සාර්තකය් න‍‍ේද කියලා.ඒත් ඒක ලෙබුනට පස්සෙ හිතට කිසිම සම්පුර්නකමක් දෙනුනේ නෑ.ඒට පස්සේ එ වගේ ගොඩක් දෙවල් ලැබෙනකම් බලගෙන හිටියා.මට මතකය් A/L කරද්දි medicine තේරුනු කෙනෙක් දැක්කමත් මට හිතුනේ එතනින් එහාට ජිවිතෙ ලබගන්න දෙයක් නැ කියලා.ඒක කොච්චර වෙරදිද කියලා දැන්නම් මට හොදට තෙරෙනවා.හෙමදාම තන්හ‍ෙවන් ‍‍අපි.එදිනෙද තමන්ට තියෙන් දෙය්න් 100% තෘප්තිමත් වෙන්න අපිට බෙරිඋනා
.
මම දෙකපු විදිහට හිසට වහලක් , තමන්ට කියලා ඉඩමක් ,විදුලිය ,ආහාර ඔය කිසි දැයක් නෙතුවට ඒ මිනිස්සු සතුටින් හිටියා.මට එහෙම පෙනුනට ඒ මිනිස්සු ඒ දෙවල් ගැන දුක් වෙනවා අති..එත් මම ඒ දෙය්න් ලොකු දෙයක් හිතට ගත්තා.තමන් ලග තියෙන,තමන් ලග ඉන්න අය ගෙන හිතලා 100%ක් තෘප්තිමත් වෙන්න පුලුවනිනම් කොච්චර හොද්ද?ඒ දැ‍ෙනන සාර්තකකමින් අපිට තවත් අයට උදවු කරන්න පුලුවන්වේවි.එහෙම නැතුව දේපල ,මිලමුදල් වගේලොකු බලපොරොත්තු ගොඩාක් එක්ක ජිවත් වුනොත් අපිටත් ඒ වගෙම කාටවත්ම වැඩක් නෙතිවේවි.මොකද අපි කාටවත් සම්පූර්නයෙන්ම සාර්තක මනුස්සයෙක් වෙන්න කවදවත් බෙරිනිසා.

Tuesday, October 11, 2011

වැස්ස..................



පිනිබිදු සැලුන ඉති මත මල්                ජනිතවන
අරුමෙකි වැස්ස හිත හිරිගඩු වැල්            බිදින
මොහොතින් මොහොත රලුවන ජීවන    ගමන
පිසදා එනු මැනවි සෙනෙහස් සිනහ     ගෙන

Friday, June 17, 2011

මගෙ ‍ෙලා්කය..........


මම කවුලුව දෙස් බෙලන්නෙමු.ලොකය කවුලුව තුලින් මා දෙස බල සිටිය්.එය මගෙන් බලපොරොත්තු වන්නෙ කුමක්ද?..මමී ලොකයෙන් බලපොරොත්තුවන්නෙ කුමක්ද?..මම කලපන කරමි....

තෙරුනු වියට පෙමිනි කල සිටම මට අති ගෙටලුව මෙයය්.මම කවුද???
ලොකය බලපොරොත්තුවන මා බිහිවන තුරු මම වෙහෙස වෙයි.උදෙම නෙගිටිය්.රොහලට දිව යය්..පීටයට දිවයය්.දෙනුම වර්දනය කර ගනයි.දවසින් දවස මොහොතින් මොහොත මම එට කෙප වන්නෙමි.
නමුත් මට උවමන ලොකය , එය කවදා නිර්මානය වෙවිද?
මා කෙමින් කෙමින් ලොකයට උවමන ලෙස හෙඩගෙහුනත් ලොකය දවසින් දවස මට උවමනා ලෙසින් අැත් වෙයි.

මට උවමන නෙති ලොකයක පරිපුර්න මගෙන් අති ඵලය කුමක්ද?..මම කල්පන කරමි..
එ ලොකය කෙදිනක හො කව‍ුලු‍ෙවන් පෙනෙන තුරු මම බලසිටින්නෙමි........

Monday, November 15, 2010

bus



සුලග

‍ෙමී නිල් අහස යටින් නුබ
හමා එයි මා ‍ෙවත
ලා ‍ෙකාල පාට අතු රිකිලි සිබ
‍ෙග‍ෙනය් සුපුරුදු සුවද  ‍ෙකත්වල

වියලි වැලිකතර පිස‍ෙගන නුබ
මුසුවන්න රජරට දහදිය සුවදට
නු‍ෙබ එ් ලස්සන සිසිලට
පිවිතුරුයි  වා‍ෙග් ජිවිතයම මට...................

                                                  

Friday, November 5, 2010

ලස්සන උතුර......

‍ෙකාතරම් ජිවිතය කාර්යබහුල වුවත් ‍ෙකතරම් දුක්බර ‍ෙද් ‍ෙරා්හලකින් අැස ගැටුනත් කුඩා වි‍ෙවකයකින් වුවත් එ සියල්ල නිවා දැමිය හැකියි.සායනික ‍ෙපර පුහුනුව අවසාන සති‍ේය වුවද එස වි‍ෙනා්ද ගමනක් ‍ෙලස මුලතිව් වනය බැලිමට අවස්තාවක් උදවිම වාසනාවකි.
වවුනියාව නගරය පසුකර අවසාන සිංහල ගම් කිහිපයද පසුකල තැන මුලතිව් වන‍ෙය් ‍ෙමහා මායිම හමු‍ෙව. මිට වසර 2ට පමන කලින් එය උද බිමක්ව්ව පෙවතුනත් අද එය එ‍ෙස ‍ෙනාවෙ.අනිකුත් වියලි කලපිය වනාන්තරවල ති‍ෙබෙන සුන්දරත්ව‍ෙයන් බිදක්වත් අඩු නැත.වැව්, අැල ාමර්ග,කුබුරු , මහා වෘක්ශ යන සියලුම ‍ෙද්වල් එහි අැත.එට අමතරව  ලංකා‍ෙව සිටින ‍ෙබා‍ෙහා්මයක් අලි, ‍ෙකාටියන් සත්වයන්ද එහි සිටියැයිද මතයක් පවති
ස්වාභාවික වටිනාකම් වලට අමතරව මා එහි දුටු සුවි‍ෙශ්ශිම ‍ෙද් වු‍ෙය් ඉතිහසික වැදගත්කමයි.වනාන්තර‍ෙය තැනින් තැන මල් ආසන ගල්කනු, වැනි  ‍ෙද් දක්නට අැත.එ‍ෙලෙස එම නටබුන් වලින් සන‍ෙක්තවත් වන්‍ෙන දලදා වහන්සෙ වැඩම්මවූ මාර්ගයයැයි කිය‍ෙවී.
වනාන්තර‍ෙය් වවුනියා අන්තයෙහි අති සුවිශෙසිම ස්තානය කිබුලාගලයි.එතරම් උස නොවු ගලක් උවත් එයට නැගි පසු මුලු වනාන්තරයම වා‍ෙග් නැරබිය හැක.එයට එම නම ලැබි අැත්‍ෙත් විශාල ගල උඩ අැති අ‍ෙනක් දිගැටි ගල කිබුලෙකු ‍ෙමන් විශාල ගල මත වැතිර අැති නිසයි. එහි එක් ‍ෙකලවරක කිබුලා තම මුඛය විවෘත කර සිටින්නාක්මෙන් දිස්‍ෙව.

එම ගල් තලාව අදි කාල‍ෙය් භාවනා අරනක් ‍ෙලස බාවිතා කරන්නට අැතයි කිය‍ෙව. තැනින් තැන ගල් ‍ෙලනුත්, ‍ෙපාකුනුත් තවත් තැනක නිදාගැනිමට සැකසු ගල් අැදවල්ද අැත.පුරාන අක්ශරද ගල්මත ති‍ෙබ

පැය 2ක 3ක ගමනක් වුවද එවැනි වි‍ෙශ්ශි ස්තානයකට යාමට ලැබම ඡිවිත‍ෙය්  පුදුම ලස්සන අත්දැකිමකි

Saturday, October 30, 2010

යුද්දය හා ජිවිතය

යුද්දය ෙකතරම අමිහිරි වචනයක්ද? අප ඉතිහාසෙය නටබුන් බලන්ෙන් ෙකතරම් අභිමානයින් වුවත් යුද්දෙය් නටබුන් බලන්ෙන් එෙස් ෙනාෙව .ඉතිහාසෙය් නටබුන් වල අැති එ් ගාම්භිර අබිමානය යුද නටබුන් අතර නැත.සුන්දර නැති වුවත් සායනික ෙපර පුහුනුවට යන සුලු කාලය එවැනි පරිසරයක ගත කිරිමට ලෙබිම සුවෙශ්ශි වු අත්දැකිමක් යැයි් හැෙග්
යුද්දයක් ඉවරවි වසරක් පමනක් ගතවි අැති වුවත් වව්නියාව තුල එවැනි පරිසරයක් දැන් නැත..හමුදා කදවුරවල් 2 ,3ක් හැෙරන්නට නගරය ෙවනත් නගර වලින් ෙවනසක් නැත..මුලිකම ෙවනස අත්ෙත මිනිසුන්ෙග හිත් තුල පමනි.

යුද්දයෙන් අතරමන් වු, පිඩාවට පත් වු මිනිසුන්ට උදව් කිරිමට ලැබිම ෙක‍තරම් පිනක්ද?හිතපින් නැති ෙදසපාලකින් හා ෙද්ශපාලනය හිස මත තබෙගෙන නන් ෙදාඩවන මිනිස්සුන්ට ෙනාතෙරුනත් මා දකින ෙද්ශපලනය එයයි.තමාට හැකි අයුරින් තම ෙද්ශපාලන අරමුනු අනුව උදාර මිනිසෙකු ෙලස සමජයටත් තමන්ටත් වැඩක්ව ජිවත් විෙම  වටිනාකම එයයි.








වවුනියාෙව ජිවත්වන ෙබාෙහාමයක් මිනිසුන්ෙග ජිවිත අවුල් වි අැත.සුලි සුලගක් හමාගිය පසු දකින්නට ලෙබන පාලු වු, නිශ්චල වු බව ඔවුන් තුල දකින්න්ට අත.ෙබාෙහා්මයක් ෙදමල මිනිසුන් තමන්ෙග ගම් පලාත්වල මරන බිෙයන් ජිවත් වි ඉන්පසු කදවුරැ තුලත් ජිවත් වි ඔවුන්ෙග ජිවිත අවුල් වි අැත.එෙස්ත් ෙනාම‍ැතිනම් තුස්තවාදින් හා එක්වි හිද ඉන්පසු පුනරුත්තාපන කදවුරුවල ජිවත් වු අයය‍ි්.
අපි තුස්තවාදිෙයකු කියුපමනින් ෙකතරම් බිය වන්ෙන්ෙද..නමුත් ඔවුන් හා කතා කල කිසිම විටක කිසිම ෙවියිරයක් ඔවුන්ෙග දැෙස් තුලින් මා දැක්ෙක් නැත.ෙකතරම් සතුටින් අපහට ඉගනගන්නට උදවු කෙල්ද?
අැතැම් විටක අප හා කතා කරන විට දැෙසට කදුලු නැගුනු අවස්තා ද අැත..ෙම අහින්සක මිනිසුන්  තු්‍ස්තවාදින් වුෙය අැයි දැයි මා ෙනාදනි..අප යුද්ද කෙල් කුමක් ලබාගැනිමටද? කුමක් සදහාද යැයි සිතාගත ෙනාහැක



අගනගරෙයන් දුරක ඉගනගැනිමට සිදුවිම ගැන ෙකතරම් දුක් උවත්, එ් නිසා ෙබාෙහා් ෙද්වල් අහිමිව ගියත්, ෙවන්වුවත් , මානසිකව වැෙටුනු අවස්තා අපමනක් වුවත්   ෙ මවැනි මිනිසුන් හමු වු විටක එ සියල්ල අමතක කර සිනා සිය  හැක.
සර්වසම්පුර්න පුද්ගලික ෙරා්හල් ෙනාතිෙබන නිසා ෙබාෙහා් ෙපා්සත් මිනිස්සුන්ෙග් සිට දුප්පත් අහින්සක මිනිෙසකු දක්වාම වු ෙරා්ගින් මුනගැසිම හා  ඔවුන් සියලු ෙදනාටම යහපතක හැකි අයුරින් කිරිමට ලැබිම ෙකතරම් වාසනාවක්ද? එ සියලු අත්දෙකිම් ජිවිතෙය් සියලු සිත් රිදවිම් අමතක කරනු අැත...