Sunday, December 22, 2013

හිරි පොදට.................


මන්දාරමේ සීතලට,
ඉකිබිදින හිරි පොදට,
ගුලිවෙලා මටත් අඩන්න,
හිත කියනවා හිමිහිට...

කාටවත් නොඇසෙන්න,
කාටවත් නොපෙනෙන්න ,
හිරිපොදේ හොරින් සගවන්න,
හිතෙනවා මේ දුක.....

ඇසක් තිබෙනම් කදුලින් උතුරන,
දුකක් තිබෙනම් හදවත දවාලන,
නුබත් එක්ක ඉකිගසා අඩනු මිස,
සිතුවිලි සිරකල හැකිද කවියක...

චනී...
2013.12.22



Thursday, November 21, 2013

ඉපිද මියේනම්..........

ඉපිද මියැදේනම්,
එක ලෙසම එකම මිහිමත,
සිටිනා නිමේශයකට,
කුමට මේ කෙනෙහිලිකම්ද එකිනෙක ........

කා කොටාගෙන එකට,
කවුරුවත් නොදන්නා,
කාට්වත් නොපෙනෙනා සීමාවකට.......
කුමන අරගලද
මියෙනකම් අදරේ බෙදනු මිස එකිනෙක

Saturday, November 2, 2013

හෙට ............. the tomorrow


හෙටත් ඉරක් පායවි,
තවත් අදුරක් ,
මුදා හැර ඈතකට.........

හිරු කිරන ඇවිදින්,
හිනහෙද්දි මිහිමතට,
මල් කැකුලු  දගලාවි,
පිපෙන්නට ,
බැස යන්න කලියෙන්,
දැකගන්න ඒ හිරුව ..........

හිරුගේම උනුහුමට,
දවාලට දාහයට  ,
පිපුනු   ඒ  පෙති,
වියලිලා හැකිලේවි

ආයිමත් කලුවර රැගෙන,
ඈත සද  එබෙද්දිම ,
වියෙලි පෙති බිම හැ‍ලී ,
දුකට ඉකිගසාවි......
ජිවිතය වගේමයි,
මොනවාද ස්තීර,
සියල්ල අස්තිර වනු මිසක........
                                                           -චනී-

Friday, November 1, 2013

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .The butterfly symphony

කාලය නොදැනීම ගතවෙලා. හරියටම වසරකට පසුව ආපහු මගේ බ්ලොග් පිටුවේ ඉතුරු ටික ලියන්න මට හිතුනා.නීරස පාඩම් පොත් කුරුටු ගානව වගේ නෙමේ. හිතට එන එන දේ මෙහෙම ලියන එක කොච්චර හිතට සහනයක්ද...ඉතින් ආයිමත් මගේ පිටුවට ඇවිත්  කුරුටු ගාන්න පටන්ගත්තා..
මගේ හිතේ තදින්ම සටහන් වුනු, ඒ වගේම අපිව එය තුල මොහොතක් ජීවත් කිරීමට සමත් වුනු චිත්‍රපටියක් ගැන ටිකක් ලියන්න මට හිතුනා.
මේ දවස්වල කාගෙත් හිතේ කියවෙන මේ  සින්දුව ඔබ දැනටමත් අහල ඇති.
                                 " මට මගේ නොවන මගෙම අදරයක් තිබුනා"
     
හෙමොගෙම වගේම මගෙ හිතත් ඒ සින්දුව මිමිනුව.ඒ නිසාම දහසක් වැඩ මැද්දේ කොහොඉමහරි වෙලාවක් දාගෙන  එය  බලන්න ගියා. ඒත් චිත්‍රපටිය බැලුවට පස්සෙ ඒ සින්දුවේ තේරුම අපි හිතුවටටත් වඩා එහාට ගිය තෙරුමක් ඇති බව මට වැටහුනා. අපි කවුරුත් හිතුවේ බිදී ගිය ප්‍රේමයක් ගැන ඒ සින්දුව ලියවෙන්නට ඇති කියලා.නමුත් ඉන් එහාට ගිය ලස්සන ප්‍රබල කතාවක් එහි ගැබ් වෙලා තිබුනා.
චිතපටිය ආරම්බ උනේ වර්තමනයෙ ජවනිකවකින්. ඉතින් ඔහු( වාදීශ ) මේ ගීය ගයමින් අපිව ඒ අතිත කතාවට රැගෙන ගියා.
ඔහු පාසැල් යන අවදියේ අහම්බෙන් ඔහුට ලිපියක් කියවන්න ලැබෙනවා. මුලු චිත්‍රපටය පුරාවටම විහිද ගිය කතාවේ හටගැන්ම එයයි.එය අදර ලිපියක්.නමුත් එය ඔහුට කිසිවකු විසින් ලියන ලද ලිපියක් නොවේ. පුන්යා නැමැති තරැනියක් , රේවත නැමති තරැනයෙක්ගේ ආදරය පිලිගත් බව සදහන් කෙරුනු ලිපියක් ඒ.ඇය වාදිශට වඩා වයසින් වැඩි  පැසුනු තරැනියක්.නමුත් ලිපිය කිය වු පසුත් , ඇය දැකගත් පසුත් ඔහු තුල අපුර්ව හැගිමක් පුන්යා කෙරේ ඇතිවෙනවා.ඇය සහ ඇගේ වචන සැබවින්ම සිත්ගන්නා සුලුයි. ඔහු ඇයට වශී වෙනවා.ඔහුට ඇය සැබවින්ම පුදුමයක්.ඔහු වසර දෙකක්ම ඇයව හමුවෙන්න මර්තු 7 වෙනිදට  කුමාරි උයනටයනවා.නමුත් ඔහුට ඇයට කතා කිරිමට හැකි වෙන්නෙ නැ.
ඇයත් , ඇගෙ ලිපියත් දැකගත් පසු ඔහු ජිවත් වන්නේ ඒ ලොකය තුලයි. ඔහු ඔහුට ආදරය කරන අය දකින්නෙ නැ.ඔහුගෙ දකින්නේ ඇය පමනයි. ඒ වගේම ඇයගේ ලිපිය ආපසු ඇයට බාරනොදීම පිලිබද තමන් ගැනම කලකිරීමකින් ඔහු පසුවෙනවා. මේ තුලින් හටගන්නා මානසික පීඩනය ඔහු තුලින් හොද ස්වරයන් , වචන බිහි කරනවා. ඔහුගේ හැගිම , පීඩනය , දුක රැදුනු ඒ නිර්මන හරිම ප්‍රබල මාධ්යක් වෙනවා..
ඔහුගේ මුල්ම නිර්මනය තුලින්ම ඔහු අමන්ත්‍රනය කරන්නේ පුන්යාවයි.
ඔහු දන්නව මේ අදරය හුදෙක් මානසක පිඩනයක් පමනක්වන යතාර්තයක් නොමැති දෙයක් බව.කාටවත් කීමට නොහැකි, කීවත් කිසිවකු කනකට නොගන්නා එහෙත් දයාබර ආදරයක් බව..මට ඒ දුක හොදටම දැනුනා.වසර ගනනක ඉදන් කාටවත් කියා ගන්නට බැරි දුකකින් මම පීඩිත වෙලයි සිටියේ..නමුත් එයට සමාජය දකින හැටියට  කැ ගසා හැඩිමට තරම් දෙයකුත් නෙමේ..මට වාදිශගේ හැගිම් හොදින් දෙනුනා.මට හැගුනු ලෙස ඔහුගෙ වචන මෙලෙස කීවෙ එයයි.

දයාවක් වගේ දැනෙනා හැගීමක් තියේනම්,
ඉකිගසා හඩනු බැරි දොම්නසක් පිරේනම්.............//
මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේනම්
රැගෙන යන්න එවා..
දොසක් ආයේ නොතබනා,
අන්ද අහසේ සේ ..අන්ද අහස සේ


ඔහු කැ ගසා ආමන්ත්‍රනය කරන්නෙ පුන්යාවයි.ඇයගේ ලිපිය ලැබිමට පෙර ඔහුට තිබුනු ජීවිතය ඔහුට යලි දෙන ලෙසයි. ඒ දුක මට හොදින් දෙනුනා.චිත්‍රපටිය උවමනාවටත් වඩා මට සන්වේදී උනේ ඒ නිසා වෙන්න ඇතී.
ඔහු ඒ දුක සිතේ හිරකරගෙන ගී ගයමින් වේදනව ඉගෙනගන්නවා. ඔහුට ආය්මත් වෙන කෙනෙක්ට ආදරය කරන්න හිතහදගන්න බැරි වෙනවා.ඔහු ජීවත් වන්නේ ඇගෙ ලෝකයෙයි.
මට දෙනුනු හෙටියට එය සිනමා කාව්වයයක්.කාලය ගත වෙනවා නොදැනෙන තරමට සන්වේදියි එය .

ඒ අතර ඔබට හිතෙන්න පුලුවන් වාදීශගෙ මුලු ජීවිතයටම බලපැ හැකි තරමට ඒ ලිපිය ප්‍රමානවත් නැ කියලා.ඔවුන්ට උනුන් නොදැක ආදරය කල හැකිද යන්න යම් කෙනෙකුට සිතෙන්නට පුලුවන්.නැත.එය උනුන් නොදැක නොදැන වුව ආදරයේ සුලග වැදීමෙන් හද පාරගත් මිනිසුන්ගේ කතාවයි.
මම දන්නව ජීවිතයෙ එදිනෙදා හමුවන ,වසර ගනනක් දන්නා කෙනෙකුටත් වඩා ඇත දුරක සිටින කෙනෙකුට් ආදරය සිතිය හැකිය්.ඒ ආදරය  මුලු ජීවිතයම වෙන්නත් පුලුවන්. මම එය හොදින්ම දන්නවා. මගේම නොවෙන ලෝකයක , මට අයිති නැති සමාජයක ,  මගෙ නොවන එහෙත් මගේම  මගේ ආදරයට කාලයක්  සිට අඩන මට මුලු චිත්‍රපටියම වුවමනාවටත් වඩා හොදින් දැනුනා. ඒ නිසාම මේ සින්දුවත් පුදුම විදිහට හිතට කා වැදුනා.

ඉකි ගසා හඩන අතීතයක,
කදුලු එක්ක ගනුදෙනු කරනා,
මට මගේ නොවන.. මගේම අදරයක් තිබුනා

හීනෙන් හිනැහී තුන්යම මා රවටා,
මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහරි කලුවරේම යලිසොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උනු කදුලුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා.....................
                             
                                                                                                       -චනී -