Wednesday, January 29, 2014

මම කවුද ලදුනේ....


හිරු මල් පිපුන
දාහයට ඇග දවන
දහවල,
ගිනියමි වු මහ පාර මැද
පිපි ගොමර ඉසුනු
නු‍ේබ වත
වසා අපිලිවෙලකට
රෙදි කඩිති ඔතා වට
දහදිය  හෙලන ලදුනේ..
හැනු බදාමයකට
දුක් සුසුම් දවටන ලදුනේ.........

කාලයට යටවුනු අතීතයක
අදරය නම් බොරුවකට රැවටුනු
එනමින් නොවිදිනා දුක් විද
දරු දුක බිහිකෙරුව ලදුනේ
ලේ කිරට හැර වු ලදුනේ........

නොනවතින දුක් දරා
වියපත් වු රැව එපවී
සුරවට මත් වූ දැතින්
ගුටි බැට කැ ලදුනේ
මුලු පවුල් බර කරට ගත් ලදුනේ....

කොන්ක්‍රිට් ගස් යට
දුක සගවගත් වතකින්
ගිමන් හරිමින් සතුටින් සිනා‍ෙසෙන
නුබ ඉදිරියේ
මම කවුද ලදුනේ....