Tuesday, May 22, 2012

ලද දෙය්න් සතුටු වීම..


උදෙ පාන්දරම අැහරුනු නිස blog 1ක් ලියන්න හිතුනා ගොඩක් කාලෙකින්.
ලියන එක නවත්තල ටික කාලයක් හිටිය නිස හිතට එකපාරම නුහුරු ගතියක් දෙනුනා.ලියන්න පටන්ගත්තත් කම්මෙලිකමක් දැනෙනවා.පහුගිය කාලයේදිත් එදිනෙදා ජීවිතයෙදි රසවත් විශේශ දෙවල් හමූවුනා.එත් ඒව කාලයත් එක්ක අමතකවෙලා ගිහින්.මෙහෙම දෙයක් ලියන එක කොච්චර හොදද කියල හිතෙන්නේ ඒ වගෙ වෙලාවට තමය්.


මම ඊයෙ faculty යද්දි දැකපු සිදුවිමක් මතක් වෙනවා..අනුරාදපුර  hatton national bank එකට එහා පෙත්තේ ලොකු කුනු කානුවක් ගලාගෙන යනවා.ගලායන කුනුවල සාරයට මම දෙන්නේ නැ ඒ වටේටම හරිම සාරවත් පදුරු ගොඩය්.ඒ පදුරු මැද උඩින් විතරක් ආව‍රනය කරපු පොඩි පැලක් මම දෙක්කා.ඒ පැ‍ෙල් අතුලේ පොඩි පවුලය් හිටිය.අම්මය් , තත්තය් , තව පැටව‍‍‍ි දෙන්නෙකුය් .මම දැකපු විශේශම දේ තමය් ලොකුම ලොකු පරෙවි කූඩුවක් ‍ඒ වහල යටම පැත්තකින් තිබුනා.ඒ වගෙම එක දුවෙක්ගෙ ඇගෙ අතීල්ලි අතිල්ලෙ ලොකූ බලල්තඩියෙකුත්.

මට තේරුම් ගන්න බැ මිනිස්සු ගැන..ඒ මිනිස්සු ගැන හිතද්දි මට යටිහිතෙන් හිනත් යනවා.තමන්ට හරියකට ඉන්න වහලයක් නැති එ මිනිස්සු තවත් හිසට වහලක් නැති අයත් ඒ පැල යට තියාගෙන.ඒ හෙමොටම අරක්ශාව රැකවරනයක් දෙනවා.සාගරයක් වගෙ ලොකු ගෙවල් දොරවල් තියා‍ෙගන තට්ට් තනියම ජීවත්වන මිනිස්සු අපි අතර කොච්චර ඉන්නවද..එහෙම නෙත්නම් තමන්ට කිසිම උවමනාවක් නෙතුව තියගෙන ඉන්න කාමර අශ්ප ගනනට කුලියට දෙන මිනිස්සු මට ඔන තරම් හම්බෙලා අති..මේ දුප්පත් මිනිස්සුන්ට නොතේරුනට ඒ මිනිස්සු හරි උතුම් කියලා ටිකක් කල්පනා කරද්දි මට එ්ක වැටහුනා.

අනික් පැත්තෙන් බලද්දි, අපි කාටවත් උදවු කරන්න අපිට 100%ක්ම හරියන්කම් ඉන්නවා..අපිට කවදවත් 100%ක් සාර්තක මිනිහෙක් වෙන්න බැහැ.ඉස්සර මට මතකයි මන් පුන්චිකාලෙ අපිට TV එකක් තිබුනෙ  නැ.ඒ කාලෙ කවුරුත් ඒ ගැන කියද්දිත් මට හිතුනේ එයාලා හරිම සාර්තකය් න‍‍ේද කියලා.ඒත් ඒක ලෙබුනට පස්සෙ හිතට කිසිම සම්පුර්නකමක් දෙනුනේ නෑ.ඒට පස්සේ එ වගේ ගොඩක් දෙවල් ලැබෙනකම් බලගෙන හිටියා.මට මතකය් A/L කරද්දි medicine තේරුනු කෙනෙක් දැක්කමත් මට හිතුනේ එතනින් එහාට ජිවිතෙ ලබගන්න දෙයක් නැ කියලා.ඒක කොච්චර වෙරදිද කියලා දැන්නම් මට හොදට තෙරෙනවා.හෙමදාම තන්හ‍ෙවන් ‍‍අපි.එදිනෙද තමන්ට තියෙන් දෙය්න් 100% තෘප්තිමත් වෙන්න අපිට බෙරිඋනා
.
මම දෙකපු විදිහට හිසට වහලක් , තමන්ට කියලා ඉඩමක් ,විදුලිය ,ආහාර ඔය කිසි දැයක් නෙතුවට ඒ මිනිස්සු සතුටින් හිටියා.මට එහෙම පෙනුනට ඒ මිනිස්සු ඒ දෙවල් ගැන දුක් වෙනවා අති..එත් මම ඒ දෙය්න් ලොකු දෙයක් හිතට ගත්තා.තමන් ලග තියෙන,තමන් ලග ඉන්න අය ගෙන හිතලා 100%ක් තෘප්තිමත් වෙන්න පුලුවනිනම් කොච්චර හොද්ද?ඒ දැ‍ෙනන සාර්තකකමින් අපිට තවත් අයට උදවු කරන්න පුලුවන්වේවි.එහෙම නැතුව දේපල ,මිලමුදල් වගේලොකු බලපොරොත්තු ගොඩාක් එක්ක ජිවත් වුනොත් අපිටත් ඒ වගෙම කාටවත්ම වැඩක් නෙතිවේවි.මොකද අපි කාටවත් සම්පූර්නයෙන්ම සාර්තක මනුස්සයෙක් වෙන්න කවදවත් බෙරිනිසා.