Monday, July 14, 2014

දිනපොත





තවත් එක් සෙනසුරාදා දවසක්. සතියේ දිනවල වගේ නෙමේ අද එක් වරුවකින් වැඩ ඉවරවෙන දවස.සතියේ දවස් පහේම උදේ 4.45 වෙද්දී මේ සීතලේ අවදිවෙලා සාරියකුත් ඇදගෙන පැය 4ක් හැමදම බස් එකේ යන එන නිසා සෙනසුරාද වෙද්දී මම ඉන්නේ  හොද පන ගිහින්.ඒ නිසාම ලහි ලහියේ දිව ගොස් නුවර එලිය බස් එකකට නැග හිද ගත්තා..සුපුරුදු පරිදි සීට් එකේ කවුලුවක් ලග හිදගත්තේ අදත් වෙනද වගේ මේ ලස්සන වටපිටාව බලමින් යන සිතකිනුයි.මොකද මේ ඉන්න ටික කාලේ මෙහේ හැම තැනක්ම දැකලා ආපසු  අනුරාධපුරේට යන්න මට උවමනා උනා.

මද වෙලාවක්  බස් රතය ඉදිරියට ඇදෙන අතරේ මට එහාපැත්තෙන් කවුරුන් හෝ ඉදගත් බව දැනුනු නිසා මන් ඔහු දෙස බැලුවා.ඔහු අපිලිවලට හැදගත් හිසවත් නොපිරූ අපේ තාත්තගේ වයසේ පුද්ගලයෙක් . එත් සමගම දරාගත නොහැකි මත් පැන් ගදකුත් මට දෙනුනා
පොඩි කාලෙ සිටම බේබද්දන්ට  අැති පරාන බය නිසාම මම තවත් කවුලුව දෙසටම ලන්වුනා.
ටික වෙලාවකින් ඔහු කතාව අරම්භ කලා.

මිස්ස් කොහෙද යන්නෙ? ඔහු වෙරිමතට ගොතගැහෙන හඩින් ඇසුවා.
නුවර එලියට.
කොහෙඩ වැඩකරන්නේ?
සුවසෙත  මෙඩිකල් සෙන්ටර් එකේ...
එතකොට ගම?
අනුරාධපුර
හරි දුරඉනෙ.මෙහෙ අවේ?
යාලුවෙක්ගේ  රිසච් එකකට

කියන ගමන් මන් වටපිට බැලුවේ වෙනත් සිිට් එකකට මාරු වෙන්නයි.එ්ත් එහෙම කිරීමෙන් තවත් මේ බීමත් මිනිසා කලබලයක් කරාවියැයි සිතුනු නිසා මන් දුරකතනය එහා මෙහා කරමින්   ඔහුව මග හැරීමට උත්සහ කලා.එහෙත් ඒ සියල්ල  අසාර්තක කරමින් ඔහු තවමත් තනියම කියවමින් සිටිනවා.

කැම්පස් එක පේරාදෙනිය වෙන්න අැති. මම  නැ කිවත් ඔහු එය ගනන් ගත්තේ නැහ.

මාත් පේරදෙනියෙ තමයි.අපි කැම්පස් ගියේ 70 ගනන්වල.කොහේ කැම්පස් ගියත් වැඩක් නැ .පේරදෙනියෙ කියන්නෙ හැබෑම වාසිටියක්.එහේ කෙනෙක් එක්ක කතා කරන එකත් ඇත්තටම පුදුම සතුටක්.මට ඇත්ත කියා ඔහුව වලකන්නට  සිතුනත් මේ බීමත් මිනිසා සමග කතාවට යාමෙන් තවත් කරදර එතැයි බියෙන් මන් නිශ්ශබ්දව අසා සිටියා.ඔහු දිගටම කියවමින්  හිද තවත් කතාවක් පටන් ගත්තා.

මම බැන්කුවක වැඩ කලේ.දැන් විශ්‍රම ගිහින් 1 year.මගේ බැජ් එක 78. ඔය මෙඩිකල් ෆැකල්ටි වගේ නෙමේ .අපේ බැජ්වල ලමයි හරිම එකතුයි.අදටත් තියෙනව functions හැම අවුරුද්දෙම.ඉස්සර අපි දෙන්නම යනවා

ඔහු මදකට නිශ්ශබ්ද උනා. හදිසියේම ඔහු හඩන්න පටන් ගත්තා. මම පුදුම වෙලා ඔහු දෙස බලාගත්වනම මොහොතක් හිටියා..

අපි කීවේ මගේ නෝනයි මමයි. එයා මගේ ජුනියර් බැජ් එකේ.අපි අවුරුදු 4ක් යාලුවෙල ඉදල තමයි බැන්දේ. එයාට   පුදුම පවුර්ශයක් තිබුනා.අපරාදේ දුව දකින්නයි තිබුනෙ.එයාව දැක්කත් ඇති.එත් කවුද දෙය්යනේ හිතුවේ මගෙ අම්මා මෙහෙම අපිව දාල යයි කියලා.

ඔහු වෙවුලන කටහඩින් එසේ කියමින් ආයිමත්  කදුලු පිසදා ගත්තා.

ඔහුගේ මේ බීමතට හේතුව ඒත් එක්කම මට තේරුම් ගියා.වයස් බේදයක් නැ.අපි හැමෝගෙම හිත්වල දුක් තියෙන්ව.අපි විදවනවා.හැම දුකටමත් වඩා ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්.සබදතා බිදී යාම්, සිත් අමනාපකම් වුනත් ඔවුන් කොහේක හෝ හොදින් ඉන්නවා ඇතයි සිතා හිත හදගන්න පුලුවන්.එත්  මරනයෙන් කිසිවෙකු වෙන්ව යාම දරගත නොහකි අසීරු දෙයක් වෙන්න ඇති.

මොනවා වෙලාද අන්කල් එය නැතිඋනෙ? මට ඉබේම අසුනා.මේ මිනිසාගෙන් මට කිසිම හානියක් නැතිබව මට ඒ වනවිට දැනි තිබුනා.

අනේ දන්නේ නෑ දුවේ.මැරෙද්දි වයස 56 ක් වෙනවා.ඒත් ඉටි රූපේ වගේ හිටියා.හරි උස මහතයි.එයගේ ඉස්කෝලෙ ලමයි එයට කිවෙ අපෙ අම්මා කියල..ඔහු  සිය කතාව තනියම ඉදිරියට ගෙන යමින් සිටින්වා
එයා හරි ලස්සනට ඇන්ද.හැම පඩියකින්ම අැදුමක් ගන්නව. ඉස්සර විහිලුවට මට කියන්නෙ ජයේ මන් මැරුනත් ලස්සනට අන්දන්න හොදේ කියලා
දැන් මාස 5ක් විතර ඇති.දවසක් හදිසියෙම පොඩ්ඩක් කලන්ති වගෙ කීව.අපි නාවලපිටියෙ ඉස්පිරිතාලෙ නැවත්තුවා.සීතලයි කීවට මන් ජැකට් එකක් ගේන්න  පොඩ්ඩක් එලියට ගියා. එතකොක් call එකක් අවා එයා නැතිඋනා කියල
කවුද හිතුවේ ‍ද‍ෙය්යනෙ මගෙ අම්මා මටත් නොකියා එහෙම යය් කියලා.

තනියම කියවමින් සිටි ඔහු අායිමත් අඩන්න පටන්ගත්තා.මත් පැන් ඔහුග‍ේ දුක වැඩිකර අැති හැඩයි.
ඔහුට තම බිරිද ගැන කීමත් යම් සහනයක් බව මට තෙරුනා.අපි කවුරුත් ආදරය කරන කෙනෙක් ගැන කතා කරන්න ගොඩාක් කැමතියි.තව දුරටත් දුකක් වුවත් ඔවුන් ගැන කතා කිරීම යම් සැනසිල්ලක් ගේනවා .

එත් එක්කම ඔහු කිසියම් ආවේගයකින් ඒ වගේම අවවාදාත්මක ස්වරයෙන් මෙසේ කිවා.

දුව මේක හොඩට හිතට ගන්න.අපි අම්මල එක්ක ජීවත් වෙන්නෙ අවුරුදු 20  වගෙ.එකෙනුත් අවුරුදු  6ක් විතර අපිට තේරෙන්නෙ නේ. ඉතුරු ටිකත් අපි ඉගෙනීමට ගෙදරින් පිටයි ඉන්නෙ,නැතිනම් හරි පීඩනයෙන් ඉන්නේ.එත් අපි අපේ සහකාරයා එක්කයි ඉතුරු කාලෙම ඉන්නේ.අපි සජීවිව ඉන්න කාලෙන් ගොඩක් කල් අපිට ඉන්න වෙන්නේ එයලා එක්කයි.ඉතින් තමන්ගෙ හිතට හොදම කෙනා එක්කයි තමන් ජීවත් වෙන්න ඔනේ.සල්ලි දේපල බලලා නෙමෙයි.
එහෙම කෙනෙක්ගෙ  නැති වීම දරන්න අමාරුයි.මට මගෙ අම්ම  එ කීවෙ මගෙ නෝන  නැතිවුනා වගේයි.


ඔහු ආයිමත් අඩන හැඩයි.මට මේක පුදුමයක්.ජීවිතේ ගෙවෙද්දී බැදීම්වල බලපෑම හරි පුදුමයි. තරුන කාලේ "කෑල්ල්ක්" ලෙස හදුන්වන ගැහැනු ලමයා ජීවිතේ අන්තිම බාගයේ තම අම්මා වීමත්, වයසත් සමග තම දෙමාපියන්ට ජීවිතයේ තිබුනු විශේස ස්ථානය හීන වීමත් ඔහු කී පරිදි සජීවීව ජීවත් වීමේ කාලය මත රද පැවතිය හැකි බවත් මට හිතුනා.අපේ තත්තා තුලත් සමාන හැසිරීම් මා දැක තිබුනා.

තවත් නොයෙකුත් දේ ඔහුගේ බිරිද ගැන පවසන අතර බස් රතය ඉදරියට අැදුනා.ඔහු බැස යන්න සැරසුනේ මට ආරාධනවක් කරන ගමනුයි
පුතා  නිදහසක් තියෙන වෙලාවක් ලැබුනොත් මෙතනින් බැහල අපේ ගෙදර ඇවිත් යන්න.අපේ දුවලගෙ පවුලේ අයත් ඉන්නව.මගේ අම්මව බලලා යන්න. මොකද ඒ වගේ කෙනෙක් දුවල වගේ අයට දැක්කත් අාසිර්වදයක්.
මම සිනාසෙමින් හිස සැලුවා.එයත් මේ තනිවුනු මිනිසාගේ හිතට සහනයක් බව මට දනුනා.
ගිහින් එන්නම් දුවේ ...ඔහු ඒලග නැවතුම්පලින් බැස ගියා.

දරුවන් කෙතරම් වටේට සිටියත් තමා තේරුම්ගත් තම ජීවිත සහකාරයා තරම් තමගේ තනියට අන් කිසිවකු නොවටිනු ඇති.අපේ ජීවිත වලට කුමක් වේද. ආයිමත් කවුලුවෙන් එලියට් මා එබුනේ අවට බලන අදහස්කින්ම නෙමේයි.නොපෙනුනත් ඒ තුලින් අනාගතයට එබෙන්නට හිත බල කල නිසයි.


                                                                                             චනී 2014.06.28